උත්පත්ති සමයේ පිහිටීම




පැහැදිළිව කියවීමට පින්තුරය මත Click කරන්න.




අම්මොන්

(උත්පත්ති 19:18) අම්මොන්වරුන්ගේ නගරයකි. ලොත්ගේ බාල දියණියගේ පුත්‍රයාගෙන් පැවැත ආ බව සදහන්වේ. 
(ගණන් කථාව 21:24) ඉශ්‍රායෙල්වරුන් අම්මොන්වරුන්ගේ දේශය යටත් කරගනිම.
(ද්විතීය කථාව  2:19-37) දෙවියන්වහන්සේ විසින් අම්මොන් දේශයට යාම තහනම් කිරීම.

ශෙපනියා 2:9, එසකියල් 25:3-6, ද්විතීය කථාව 23:3, විනිශ්චයකාරයාගේ පොත 3:14, 1සාමුවෙල් 11:1-3, 2සාමුවෙල් 10:1-4, නෙහෙමියා 4:3, විනිශ්චයකාරයාගේ පොත 11:4-33, එස්රා 9:1-3, ආමොස් 1:14-15



මෝවබ්

මළ මුහුදට නැගෙනහිරෙන් පිහිටි ප්‍රදේශයකි. ලොත්ගේ පරපුරෙන් පවෙත එන්නන් ජීවත්වුයේ මෙම ප්‍රදේශයේය. 

(ගණන් කථාව 21:13) අර්ණෝන් ගග පිහිටියේ එම සිමාවෙය .
(ගණන් කථාව 22:4) මෝවබ්හි රජ බාලක්ය .
(රූත් 1:4, 4:22 සහ මතෙව් 1:5) යේසුස්වහන්සේගේ වංශාවලියේ සදහන් රූත් මෝහොවබ්හි කාන්තාවකි.
(2සාමුවෙල් 8:2) දාවිත් රජු මෝවබ් දේශයටද පහර දුන්නේය.
(යෙසායා 15:16 සහ යෙරමියා 48 යන පදයන්හි මෝවබ්  දේශයේ විනාශය ගැන සදහන්වේ.



එදොම් 

(උත්පත්ති 25:30 සහ 36:1) එසවිගෙන් පැවතෙන්නන් පදිංචිව සිටි රටකි. 
(එසකියල් 25:12) ඒදොම්වවරු යුදා දේශයේ පදිංචි විය.
(ගීතාවලිය 137:7 යෙසායා 63:1 විලාපාගී 4:21) යුදා වැසියන් ඒදොම්වරුන්ට විරුද්ධව විනාශකාරී හැගීම් ඇති කළෝය.



අරාම්  

බොහෝවිට දේවචනයේ එය හදුන්වා ඇත්තේ සිරිය ලෙස වේ. එදෝම් යනුවෙන්ද සදහන්වේ.
(1රාජාවලිය 11:25)



අරාබිය 

වෙළදාමට ප්‍රසිද්ධවූ රටකි. 
(1රාජාවලිය 10:15, එසකියල් 27:21, යෙරමියා 25:24) මෙහි සිටි සියලු රජුන්ටත් ජාතීන් කෙරෙහි දේව වින්ශ්චය බලපෑවේය. 
(ගලාති 1:17, 4:24-25) පාවුල් තුමා අරාබියට ගියබව සදහන්වේ. 



බැබිලෝනිය 

දකුණු මෙසපොතේමියාවේ පිහිටි රටකි. බැබිලෝනිය එහි ප්‍රධාන නගරයයි. අසිරියවරුන් විසින් ආක්‍රමණය කරන ලදී. 
(2රාජාවලිය 24:1, 25;8-10) බිලියානු අධිරාජ්‍යයේ රජු වූ නෙබුකද්නේෂර් විසින් යෙරුසලම ආක්‍රමණය කොට යුදාවරු පිටුවහල් කරන ලදී. 



මෙසපොතේමියාව 

(උත්පත්ති 24:10-14) යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගාවන් අතර පිහිටි නගරයකි. ඊසාක්ගේ විවාහය හා සම්බන්ධ වේ.
(විශ්චයකාරයාගේ පොත 3:8) සමිදාණන්වහන්සේගේ උදහස ඇවිල මෙසපොතේමියාවේ රජෙකු වූ කුෂාන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් පාවා දුන් සේක. 



එලාම් 

බැබිලෝනියේ නැගෙනහිර පිහිටි කදුකර ප්‍රදේශයකි. 
(උත්පත්ති 14:1) එහි අගනුවර සුසා විය. මෙම ප්‍රදේශයේ කෙදෝර්-ලායොමෙර් රජකම් කර ඇත.
(යෙසායා 21:2, යෙරමියා 25:25, 49:34-39, එසකියල් 32:24) දිවැසිවරු විසින් නිතර සදහන් කර ඇත.



යුප්‍රටීස්

යුප්‍රටීස් යනු ආසියාවේ පහළොස්වන දිගම ගංගාව වන අතර බටහිර ආසියාවේ දිගම ගංගාව වන අතර එය කිලෝමීටර 2,780ක් සහ  (සැතපුම් 1,730) පමණ වන අතර ජලාපවහන ප්‍රදේශය කිලෝමීටර් 440,000 කි. 
(උත්පත්ති 2:14) ඒදන් උයන පිටතින් ගලා ගිය සතරවන අතු ගංගාවයි. 
බැබිලෝනිය නගරය පිහිටා තිබුනේ එම ගං ඉවුරේය. පැරණි ගිවිසුමේ ගඟ යනුවෙන් ද සදහන් වන්නේ මෙයම වේ.



ටයිග්‍රීස් 

(උත්පත්ති 2:10-14) දෙවියන්වහන්සේ විසින් මවන ලද ඒදන් උයනට ජලය සැපයීම සදහා ගලා ගිය ගංගාව උයනින් පිටත දී අතු ගංගා හතරකට බෙදිණි. ටයිග්‍රීස් ගග එවායින් තෙවන ගංගාව වේ. 



නිනිවය 

(උත්පත්ති 10:11) ටයිග්‍රීස් ගඟ අසබඩ පිහිටි නගරයකි.
(2රාජාවලිය 19:36) සෙනකෙරබ් රජු මෙහි වාසය කළේය.
(යෝනා 1:2) දෙවියන්වහන්සේ විසින් දිවැසිවර යෝනාට වදාළ පණිවුඩයකි.
(නහුම් 2:8, 3:3) බැබිලෝනිවරුන් හා මිදියන්වරුන් විසින් නගරයට පහරදී ඇත. ක්‍රි.පු 621 දී මෙම නගරය බිදවැටෙන බව දිවැසිවර නාහුම් විසින් පවසා ඇත. 



ෂුසන් 

(නෙහෙමිය 1:1, එස්තර් 1:1, දනින් 8:2) අර්තක්ෂස්තා., අභෂ්වෙරෝෂ්, බෙල්ෂෙසර් යන රජවරුන් රජකම්කළ පර්සියානු අධිරාජ්‍යයේ අගනුවරයි.



ඌර් 

සුමේරියානු හා බැබිලෝනිය නගරයකි. 
(උත්පත්ති 11:28-31, නෙහෙමියා 9:7) කල්දිවරුන්ගේ නුවර ලෙස හැදින්වේ. ලොත්ගේ පියාවූ හාරන් මියගියේ මෙහිදීය. ආබ්‍රහම් ඇතුළු පවුල කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් මෙම ස්ථානයේ සිට පිටත් විය.



කානාන් 

දෙවියන්වහන්සේගේ කැදවීමට කීකරුවූ ආබ්‍රහම් තම පිරිවර හා සමග කානාන් දේශය බලා නික්මගොස් එහි සැපත් විය. 
(නික්මයාම 3:8) මිසර ජාතින් අතින් වහල්බවින් මුදවාගත් ජනතාවට මෙම දේශය හිමිකරදෙන බවට දෙවියන්වහන්සේ මෝසෙස් තුලින් පොරොන්දු වූ සේක. ඒ නිසා මෙය පොරොන්දු දේශය විය. 

No comments